සැදැහැවත් පිංවතුනි,
2025 වසරේ පස්වන සහ අවසාන අටවිසි බුද්ධ වන්දනාව නොවැම්බර් මස 15 වැනි සෙනසුරාදා දින සවස 7:30ට පැවැත්වේ. මෙම අටවිසි බුද්ධ වන්දනාවේ විශේෂ පූජාවක් වන අටපිරිකර පූජාවට දායක වීමට බලාපොරොත්තු වන පිංවතුන්ට මෙමගින් මුදල් ගෙවා ඒ සදහා අටපිරිකරක් වෙන් කරවා ගත හැක. එක අටපිරිකරක දායකත්වය $50ක් වේ.
අටවිසි බුද්ධ පූජා දින පැමිණ ඔබට වෙන් කෙරූ අටපිරිකර පූජා කිරීමේ දුර්වල අවස්ථව උදා කර ගන්න 🙏.
සැ. යු. – මෙම අටපිරිකර මුදල් ගෙවා ලබා ගැනීමෙන් ඔබ විහාරස්ථානයේ දෛනික වියදමටත්, විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ පහසුකම් සදහා යන වියදම් වලටත්, විහාරස්ථානයේ අනෙකුත් වියදම් සදහාත් දායක වේ. ඉතිරි වන මුදල් විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන වැඩ කටයුතු සදහා යොදා ගැනේ.
අට පිරිකර පූජා කිරීමේ ආනිසංස වෙන වෙනම පහත සඳහන් වේ.
තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩ පිදීමේ ආනිසංස අටක් (08) තිබේ.
1. රන්වන් සිරුරක් ලැබීම.
2. ශරීරයේ දූවිලි නො රැදීම.
3. ප්රභාශ්වර (රැස් විහිදෙන) ශරීරයක් ලැබීම.
4. විශාල ප්රතාපවත් බවක් ඇති වේ.
5. ශරීරය ඉතා සිනිඳු වේ.
6. සසරදී හිසට සුදු වස්ත්ර ලක්ෂ ගණනින් දරයි.
7. සසර සෑම භවයකදීම කහ වස්ත්ර ලක්ෂ ගණනින් දරයි.
8. සසර සෑම භවයකදීම රතු වස්ත්ර ලක්ෂ ගණනින් දරයි.
පාත්තර පූජා කිරීමේ ආනිසංස දහය (10) කි.
1. රන්, මැණික්, රිදී තලි පරිභෝගයට ලැබේ.
2. කිසිදා උපද්රව සිදු නොවේ.
3. කිසිදා හදිසි අනතුරු නොවේ.
4. හැම කාළයේදීම ගරු බුහුමන් පුද සත්කාර ලැබේ.
5. ආහාර පාන, වස්ත්ර, සයනාසන නිරන්තරයෙන්ම ලැබෙයි.
6. තමන්ගේ ආහාර භෝග ආදිය විනාශ නොවේ.
7. ස්ථීර වූ සිත් ඇතිව වාශය කරයි.
8. හැම විටම ධර්මයම කැමති වෙයි.
9. කෙලෙස් තුනී වී යයි.
10. ආශ්රව නොමැතිව ජීවත් වෙයි.
බඳ පටි පූජා කිරීමේ ආනිසංස හය (06) කි.
1. සමාධි භාවය අකම්පිත වේ.
2. සමාධීන් හි වශීභාවයට පැමිණේ.
3. නොබිඳෙන පිරිස් ඇති වේ.
4. හැම විටම තමන්ගේ වචනය අනුන් පිළිගනී.
5. එළඹ සිටි සිහි ඇත්තෙක් වේ.
6. කිසිදු භවයකදී තැති ගැනීමක් ඇති නොවේ.
පෙරහන්කඩ පූජා කිරීමේ ආනිසංස පහ (05) කි.
1. සෑම දෙනාම ඉක්මවා දිව්යායුෂ විඳියි.
2. තමන්ගේ වස්තුව වෙනෙකෙකුට සොරකම් කළ නොහැකිය.
3. තමන්ට සතුරන්ගෙන් කිසිදා විපත් ඇති වන්නේ නැත.
4. ආයුධ, විෂ ආදියෙන් අනතුරු නොවේ.
5. අතුරු මරණ නොමැත. පරමායුෂ විඳියි.
දැළි පිහි පූජා කිරීමේ ආනිසංස සත (07) කි.
1. හැම විටම සූරයෙක් වේ.
2. නොවිසිරුණු සිත් ඇත්තෙක් වේ.
3. විශාරද්යත්වයෙන් යුක්ත වේ.
4. ධෛර්යය ඇත්තෙක් වේ.
5. වීර්යය ඇත්තෙක් වේ.
6. සිත කුසලයටම නැඹූරුව පවතී.
7. කෙලෙස් සිඳින විදර්ශනා ඤාණය ලබයි.
ඉදිකටු නූල් පූජා කිරීමේ ආනිසංස සත (07) කි.
1. සැක සංඛා නැතිව ජීවත් වෙයි
2. සැක සංඛා නැතිව භවයේ සැරි සරයි.
3. රූමත් වේ.
4. භවභෝග සම්පත් විඳියි.
5. තියුණු නුවණින් යුතුව භවයේ සැරි සරයි.
6. ගැඹුරු, සියුම් ස්ථාන සහිත අර්ථයන් දකියි.
7. මොහඳුර දුරු කරන විදර්ශනා ඥාණ ශක්ත්ය ලබයි.
පින්වත් ඔබගේ හේතු සම්පත් මුහුකුරා ගොස් ඉක්මන් භවයකම රහත්ව පිරිණිවන් පානා තෙක්ම අවශ්ය කරන හේතු සම්පත් ලැබිය යුතුය. ඒ සඳහා ඔබ විසින් කරගන්නා අට පිරිකර පූජාවන් අතිශයින් ප්රයෝජනවත් වේ.
සියල්ලෝම පිංකම් සිදුකර ගත යුතුය. සසරින් එතෙරව චතුරාර්ය සත්යාවබෝධ ඤාණයෙන් කෙලෙසුන් නසන්නට අධිෂ්ඨාන කරගන්න.
තෙරුවන් සරණයි!
