තෙසැත්තෑ ඥාන පූජාව

මහා ප්‍රඥාවන්ත ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව අපි වගේ සාමාන්‍ය කෙනෙකුට තබා මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂූන් අතර ප්‍රඥාවෙන් අග්‍ර වූ සැරියත් ම රහතන් වහන්සේටවත් සර්ව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නට විග්‍රහ කරන්නට පුලුවන් කමක් නැහැ. සැරියුත් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවක උපමාවක් දේශනා කරනව, මහා සාගරයට ඇගිල්ල දිගු කලාම ඒ කෙලින් තියෙන ජල කද කෙතරම් ස්වල්පද අවශේෂ ජලකද කෙතරම් විශාලද, අන්න ඒ වගේ සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුන සිහි කරනකොට ප්‍රඥාව අරමුණු කරනකොට උන් වහන්සේගේ මනසට අරමුණු වන ප්‍රමාණය ඉතාම අල්පයි. අරමුණු නොවන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි කියල.

බුදුරජාණන් වහන්සේ සතු වූ මෙම තෙසැත්තෑ ඥාණ සිහිකොට පවත්වනු ලබන පූජාව සැප්තැම්බර් මස 27වැනි සිකුරාදා දින සවස 7:00 පැවැත්වේ. විශේෂයෙන් මෙම පිංකම මෙවර 2004 VCE Exam එකට පෙනී සිටින සිසු දරුවන්ගේ විභාග කටයුතු සාර්ථකව නිම කර කර ගැනීමට සදහා කරන ආශිර්වාද පූජාවක් ලෙස පැවැත්වේ. එම පිංකමේ පිරිකර දායකත්ව‍යක් මිලදී ගැනීම සදහා ඔබට පහතින් සම්බන්ධ විය හැක.

Purchase AtaPirikara (TG-2024)
AU$50.00

Purchase Sivuru Pirikara (TG-2024)
AU$30.00